ආතාපි සතිමත් විවේක සෙනසුන

සොබාදහමේ නිස්කලංක සෙවණැල්ලේ සිත නිවාගන්න...

Center For Mindfulness and Relaxation

අප හා එක්වන්න
Buddhist Statue

අපේ අරමුණ

කාර්යබහුල දිවියෙන් මිදී, මොහොතකට සිත නිවාගන්නට කැමති ඔබ වෙනුවෙන් "සතිමත් විවේක සෙනසුන" නිර්මාණය වී ඇත. සොබාදහම හා මුසු වූ මෙම පුණ්‍ය භූමිය තුළ ඔබට භාවනා කිරීමටත්, ධර්මය ශ්‍රවණය කිරීමටත් අවශ්‍ය පරිසරය සකසා ඇත.


පිරිසිදු වාතාශ්‍රය සහ නිස්කලංක පරිසරය ඔබේ සිත සමාධිගත කිරීමට මහත් රුකුලක් වනු ඇත. අපගේ ප්‍රධාන අරමුණ වන්නේ ධර්මයෙන් ඈත් වී යන සමාජයට නැවතත් අධ්‍යාත්මික සුවය ළඟා කර දීමයි.

සෙනසුනේ ඉතිහාසය

කුඩා පැළයක් මහා වෘක්ෂයක් වූ වගයි...

වර්ෂ 2021 දී පූජ්‍ය විහාරාධිපති ස්වාමීන් වහන්සේගේ උතුම් සංකල්පයකට අනුව, ප්‍රදේශවාසී සැදැහැවතුන්ගේ ඉඩම් පූජාවෙන් මෙම පුණ්‍ය භූමිය ආරම්භ විය. මුල් කාලයේ කුඩා කුටියකින් පමණක් ඇරඹි මෙම සෙනසුන, ගම්වාසී දායක දායිකාවන්ගේ අප්‍රතිහත ධෛර්යය සහ කැපවීම මත ඉතා කෙටි කලක් තුළ අංග සම්පූර්ණ භාවනා මධ්‍යස්ථානයක් බවට පත්විය. සෙනසුනේ එදා සිට අද දක්වා ගමන් මග සහ එහි ක්‍රමික විකාශනය පහත ඡායාරූප මගින් ඔබට දැකගත හැක.


මේ සියල්ල පිටුපස සිටි දිරිය ගම්වැසියන්ට අපගේ පුණ්‍යානුමෝදනාව...

අපගේ මහා සංඝරත්නය

සතිමත් විවේක සෙනසුනෙහි වැඩ වාසය කරන ගෞරවණීය මහා සංඝරත්නය.

Chief Incumbent
විහාරාධිපති

පූජ්‍ය ලෙනගල සිරිනිවාස ස්වාමීන් වහන්සේ

මහාචාර්ය, ආචාර්ය, රාජකීය පණ්ඩිත.
ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය - හෝමාගම.

• හිටපු පීඨාධිපති (භාෂා අධ්‍යයන)
• හිටපු අංශාධිපති (සංස්කෘත)

පැවිදි වීම: 1980.07.25

ඉදිරි වැඩසටහන්

සෙනසුනේ පැවැත්වීමට නියමිත විශේෂ ආගමික වැඩසටහන්.

28 MAY

වෙසක් පොහෝ දින සීල ව්‍යාපාරය

උදෑසන 7:00 සිට සවස 8:00 දක්වා

දවස පුරා පැවැත්වෙන සීල, භාවනා සහ ධර්ම දේශනා වැඩසටහන.

29 MAY

සති අන්ත භාවනා වැඩසටහන

උදෑසන 6:00 සිට සවස 6:00 දක්වා

ආධුනිකයන් සඳහා විශේෂයෙන් සැකසූ ආනාපානසති භාවනා වැඩමුළුව.

30 MAY

විශේෂ බෝධි පූජාව

සවස 7:00 සිට සවස 8:00 දක්වා

සෙනසුරාදා සහ ඉරිදා දින විශෙෂ බුද්ධ පුජාව , ධතු පුජාව හා බොදි පුජාව

නිත්‍ය වැඩසටහන්

සෙනසුන තුල ක්‍රියාත්මක වන දෛනික සහ සතිපතා වැඩසටහන්.

භාවනා වැඩසටහන්

සෑම පුර පසලොක්වක පොහොය දිනයක් ඇසුරු කොට ගෙන දින තුනක නේවාසික සීල භාවනා වැඩ සටහන.

ධර්ම සාකච්ඡා

සෑම පෝය දිනකම සවස 2:00 ට විහාරාධිපති ස්වාමීන් වහන්සේ විසින් පවත්වන ධර්ම දේශනාව.

දායකත්වය සහ පූජා

දිනපතා උදෑසන සහ සවස බුද්ධ පූජාව සඳහා ඔබටත් දායක විය හැක. විස්තර සඳහා අමතන්න.

සීල සමාදාන වැඩසටහන්

සෑම මසකම පෝය දිනවල උදෑසන සිට සවස දක්වා පැවැත්වෙන විශේෂ සීල භාවනා වැඩසටහන.

සාමාජ සත්කාර

සෙනසුන මගින් ප්‍රදේශවාසී ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක වන ප්‍රජා සත්කාර.

මෑතකදී බලපෑ දිට්වා සුළි කුණාටුව හේතුවෙන් උන්හිටිතැන් අහිමිව අසරණ වූ අප ප්‍රදේශයේ ජනතාව වෙත දයාවේ දෑත දිගු කිරීමට සෙනසුන පෙරමුණ ගෙන ක්‍රියා කළෙමු. එම හදිසි ආපදා තත්වයේදී විපතට පත් පවුල් සොයා ගොස් ඔවුන් වෙත පිසූ ආහාර, වියළි සලාක සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය බෙදා දෙමින්, ඔවුන්ගේ බිඳ වැටුණු ජීවිත සහ මනස නැවත සුවපත් කිරීම උදෙසා මහා සංඝරත්නය සහ දායක පිරිස එක්ව සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරන ලදී.

සොඳුරු පරිසරය

අප සෙනසුන සතුව ඇති මනරම් "View Point" එක සහ අවට සොබාදහමේ අසිරිය.

ධර්ම දේශනා සහ වීඩියෝ

අපගේ YouTube නාලිකාවේ පළකල නවතම ධර්ම දේශනා සහ වැඩසටහන්.

ඉදිරි සංවර්ධන වැඩකටයුතු

සෙනසුනේ අභිවෘද්ධිය උදෙසා සැලසුම් කර ඇති ඉදිරි සංවර්ධන ව්‍යාපෘති.

චෛත්‍ය රාජයාණන් වහන්සේ ඉදි කිරීම

සෙනසුන් භූමියට ආලෝකයක් වන උතුම් චෛත්‍ය රාජයාණන් වහන්සේ නමකගේ වැඩ නිම කිරීමට අප බලාපොරොත්තු වෙමු.

සනීපාරක්ෂක පහසුකම් පූර්ණ කිරීම

පැමිණෙන දායක දායිකාවන් වෙනුවෙන් වැසිකිළි සහ කැසිකිළි පහසුකම් ඇතුළු සනීපාරක්ෂක පද්ධතිය වඩාත් විධිමත්ව ඉදි කිරීම.

මේ සඳහා ඔබටත් දායක විය හැකි බව කාරුණිකව දන්වා සිටිමු.

දායකත්වය ලබාදීමට

දායකත්වය ලබාදීමට

සෙනසුනේ පැවැත්ම සහ දියුණුව උදෙසා ඔබටත් දායක විය හැක.

බැංකු ගිණුම් විස්තර

පහත සඳහන් ගිණුම් අංකයට ආධාර මුදල් බැර කළ හැක.

බැංකුවේ නම: මහජන බැංකුව

ශාඛාව: රුවන්වැල්ල

ගිණුම් අංකය: 081-2-001-5-0035034

ගිණුමේ නම: සතිමත් විවේක සෙනසුන

සෙනසුනට අවශ්‍ය ද්‍රව්‍ය

මුදල් ආධාර වලට අමතරව පහත ද්‍රව්‍යමය ආධාරද භාරගනු ලැබේ.

  • වියළි ආහාර ද්‍රව්‍ය (සහල්, සීනි, තේ කොළ,බිස්කට්)
  • ගිලන්පස සහ ඖෂධ වර්ග
  • පිරිසිදු කිරීමේ ද්‍රව්‍ය
  • ඉදිකිරීම් සඳහා සිමෙන්ති/වැලි
අප අමතන්න

පූජා භූමියට ඇතුල්වන ඔබට...

මෙම පින්බිමේ ගෞරවය සහ නිස්කලංක බව රැකගැනීමට සහය වන්න.

සුදුසු ඇදුමින් සැරසෙන්න

කරුණාකර චාම් සහ විනීත ඇඳුමින් (සුදු පැහැය වඩාත් යෝග්‍යයි) සැරසී පැමිණෙන්න.

නිශ්ශබ්දතාවය රැකගන්න

භාවනා කරන අයට බාධාවක් නොවන පරිදි නිහඬව හැසිරෙන්න.

දුරකථන නිහඬ කරන්න

පූජා භූමිය තුලදී ජංගම දුරකථන ක්‍රියා විරහිතව හෝ නිහඬව තබන්න.

පරිසරය සුරකින්න

පොලිතීන් ප්ලාස්ටික් ගෙන ඒමෙන් වලකින්න. පරිසර පිරිසිදු බව රැකගන්න.

"සෞඛ්‍යය පරම ලාභයයි. සතුට පරම ධනයයි. විශ්වාසය පරම නෑදෑකමයි. නිවන පරම සැපතයි."

- ධම්මපදය -